සිනමාව
සිනමාව යනු කලාවක් හා තාක්ෂණයකි. එනම්, රූප ප්‍රක්ෂේපණය තුළින් කතන්දර පැවසීමේ කලාව එයයි. චලනයේ මායාව නිර්මාණය කිරීම සඳහා ඉක්මනින් හා අනුපිළිවලින් රාමු ප්‍රක්ෂේපණය කිරීමෙන් සමන්විත තාක්ෂණය එයයි. තවත් ලෙසකින් ගත්විට, සිනමාකරණය යනු තිරයක් මත චලනය වන රූප, පිළිවෙලට හා සුසංයෝගයෙන් ග්‍රහණය කර ගැනීම, පටිගත කිරීම හා ප්‍රක්ෂේපණය කිරීමේ කලාව බව වටහාගෙන ඇත. එමෙන්ම සිනමාව චිත්‍ර, නැටුම්, සංගීත වැනි ලලිත කලාවන් සේම ලලිත කලාවක් ලෙසින් ඇතැමුන් අදහස් කරයි. ලෝකයේ සෑම ප්‍රදේශයකටම එක සේම ජනප්‍රිය අංගය සිනමාවයි. සිනමාව කතන්දර කීමේ මාධ්‍යයක් වන අතර කතන්දර ඇසීමේ ආශාව මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශාවකි. සිනමාව වඩාත් ජනප්‍රිය වන්නේ අන් කිසිදු මාධ්‍යයකට සිනමාව තරම් කතාවක් කිව නොහැකි නිසාවෙනි. ඒ අනුව සිනමාවේ පදනම ජීවය හා චලනයයි.
චිත්‍රපට නිර්මාණය යනු, සංස්කරණය, ඡායාරූපකරණය, අධ්‍යක්ෂණය, තිර රචනය, කැමරා ක්‍රියාකාරිත්වය, ශබ්දය, නිෂ්පාදනය යනාදී තවත් බොහෝ තාක්ෂණික, නිර්මාණාත්මක හා මූල්‍ය කුසලතාවල එකඟත්වයෙන් සමන්විත නිර්මාණයකි. එය අදියර කිහිපයක් හරහා ගමන් කරයි. සංවර්ධනය, පූර්ව නිෂ්පාදනය, රූගත කිරීම්, පශ්චාත් නිෂ්පාදන හා බෙදාහැරීම් ආදී වශයෙනි. 19 වන සියවසේ දී එනම්, 1895 දී 'ලූමියර් සහෝදරයන්' පොදු උත්සවයකදී ඔවුන්ගේ කාලයේ දෛනික ජීවිතයේ දර්ශන කිහිපයක් ප්‍රක්ෂේපණය කිරීමෙන් සිනමාවේ ආරම්භය සනිටුහන් විය. එනම්, කම්කරුවන් කම්හලකින් පිටවීම, තාපයක් කඩා දැමීම, දුම්රියක් පැමිණීම, නැවක් පිටවීම ආදී වශයෙනි. එතැන් පටන් සිනමාව විශාල වශයෙන් පරිණාමය වී තිබේ. දිනෙන් දින සමාජය හැකිලීමකට පරිවර්තනය වේ. මෙම හැකිලීම සිනමාවේ ප්‍රසාරණයට බෙහෙවින් බලපානු ලබයි. මුලදී සිනමාකරණය සඳහා වාර්තාමය භාවිතයක් ලබා දුන්නද, ප්‍රබන්ධ කතාවක් ප්‍රතිනිෂ්පාදනය කිරීමේ එහි හැකියාව ඉතා ඉක්මනින් ගවේෂණය කරන ලද අතර, එය කාලයාගේ ඇවෑමෙන් අද අප දන්නා පරිදි සිනමාව බිහි කළේය.
No comments:
Post a Comment